යුක්තියේ දෙවඟන නොහොත් එළදෙන -
චෙන්නායි මහාධිකරණය ඉදිරිපිට ඇති පිළිරුව බලන්න.
යුක්තියේ දෙවඟන නො වූ ව ද එය යුක්තියේ පිළිරුවෙකි.
බිඳුණු කරත්ත රොද දෙකක් සහ යුක්තියේ ගිනි සිළුව අතින් ගත් අයෙකුගෙන් තමාට සාධාරණය ඉල්ලා වැළපෙන එළ දෙනක් එහිවේ.
දෙරටක ඉතිහාස ග්‍රනාථාරූඪ කථා දෙකක් නොහොත් එකක්..
ලංකාවේ කතාව :
කි පු තුන්වැනි සතවර්ෂයේ දී ඉන්දියාවේ වොල රටෙන් පැමිණ එළාර ( සිංහල ශබ්දය එළාල) නම් අයෙකු එවකට ලංකාවේ රජකළ අසේල රජු මරා මෙරට රජු බවට පත්විය.
ඔහු සිංහල ජනතාවගේ පවා හිත් දිනාගත්තේ කාටත් සාධාරණ ව නීතිය ක්‍රියාත්මක කළ හෙයින.
තම අශ්ව රිිය අනවධාන වේගයෙන් පැද වූ එළල රජුගේ පුත් කුමරාගේ රියට තම පැටියා යට ව මිය යාමේ සොවුන් තැවුණු මව් එළදෙනක තමාට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා රජ වාසල දොරට පැමිණ යුක්තිය පසඳලනු වස් රජුගෙන් ඉල්ලා සිටින සීනුව හඬවන ලනුව අදින්නට වු වාය.
කරුණු විමසා බැලූ එළාර රජු පුතු කළ වරද වටහා තම පුතු ද එළදෙන අබියස දී, එළ පැටියා මිය ගිය අයුරින් ම කුමරුගේ අශ්ව රියේ රෝදයට හසුකොට එළ පැටියා මිය ගියා සේ ම තම පුතුගේ හිස ගෙලෙන් හිස සිඳවා මරා දමනු ලැබීය.
පසු කලෙක එළල මරා රජ වූ දුටු ගැමුණු රජු මෙම එළාර රජුගේ සාධාරණ යුක්තිය ඉටු කිරීම අගයනු වස් ඔහුගේ සොහෙන මත ස්මාරකයක් තනා එතනින් යන එන සියළු වාහන පෙරහැර ආදියේ හඬ නවතා ගරු කිරීමට කටයුත් යෙදීය.
මහාවංශයේ තවත් එබඳු රජෙකු දක්වා ඇතැයි මම නොසිතමි.
ඉන්දීය කතාව :
කි. පුර්ව තුන්වැනි සියවසේ දී දකුණු ඉන්දියාවේ රජකළ මනු නාධි චොලන් නොහොත් එළාර නම් චෝල රජුගේ දර්ශන පාඨය වූ යේ ‘නීතියට ඉහළින් කිසිවෙකු නැත, සැමට නීතිය සමානයි‘ යන්නයි.
දෛවය විසින් ඔහු පරික්‍ෂාවට ලක් කෙරිණි.
ඔහුගේ පුත් විධිවාදාන්ගන් කුමරාගේ අපරික්‍ෂාකාරී අශ්ව රිය ධාවන හේතුවෙන් එළ පැටියෙකු ඔහුගේ රථයේ රෝදයට හසුව මිය යයි. තම දරුවා මිය යනවා බලා සිටි එළදෙන හඬා වැළපෙමින් රජ ගෙදර කරා ගොස් තමා ට යුක්තිය ඉල්ලා යුක්තියේ සීනුව නාද කරයි.
රජු සාධාරනය ඉටු කළේය. තම පුතු තම අණ පරිදි ඔහුගේ ම රියේ රෝදයට යට කොට මරා දමනවා රජු බලා වැලපිනි. පුතුත් තමාත් දෙදෙනා ම එසේ වධයට පමුණුවනු ලැබීය.
ලංකාවේ හෝ චෝල රටේ හෝ එළාර යුක්ති ගරුක රජකෙනෙකි; අදත් ඔහුට ගරුකෙරේ.
අනේ අපටත් චෝල හෝ වේවා සාධාරන රජෙක් ....කවදා ලැබේ දෝ?.
No comments:
Post a Comment