මහනුවර -1
මහරැජිනගේ ඔටුන්නේ හැඩයට තැනූ මහනුවර බැස්ටීලය -
බෝගම්බර බන්ධනාගාරය :
කන්ද උඩරට රජ දවස සෙංකඩගල පුර මරණීය
දණ්ඩනය ක්රියාත්මක
කර ඇත්තේ දැනට මධ්යම වෙළද
පොල ඉදිරිපිට තිබූ ‘ හැන්ග්මන්ස් හිල්’ නමැති කඳු ගැටයේයි. එකල වරද කරුවන් දෙතිස්
වද දී මරනු ලැබීය.
ඉංග්රීසින් විසින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල නොහොත් උඩරට මහ කැරැල්ල මෙහෙය වූ මොනරවිල කැප්පෙටිපොල් ඇතුළු පන්ස් අට දෙනෙකු ද ඇහැලේපොල නිළමේ ද සිරකර තබනු ලැබූයේ අද රිමාන්ඩ් බන්ධනාගාරය වන ඇහැලේපොල වලව්වේයි.
ඒ වනවිටත් ඉංග්රීසි ආණ්ඩුවට මහනුවර බන්ධනාගාරයකි නොතිබිණ.
ඉංග්රීසි ආණ්ඩුව 1820 දී එල්ලා මැරීම ක්රියාත්මක කරනු ලැබීය.
ඔවුන් හිරකරුවන් රැඳවීම සඳහා 1876 වසරේ දී ප්රංශයේ ප්රචලිත බැස්ටීල හිරගෙදරේ ගෘහ නිර්මාණ ශිල්පයට සමානව රැජිනගේ ඔටුන්නේ ආකෘතිය අධ්යයනය කරමින් සැලැසුම්කොට (ඉංග්රීසින් විසින් කැප්පෙටිපොල සහ මඩුගල්ල දෙදෙනාගේ හිස ගසා දෑමූ තැන සමීප ) බෝගම්බර බිමේ මෙය තනනු ලැබීය.
පාදමේ කිසිම තැනක වෙන්විමක් නොමැතිව ඉදිකළ ආසියාවේ එක ම ගොඩනැඟිල්ල මෙය යි. දිගින් අඩි පන්සිය පනස් හයක්ද (556), පළලින් අඩි දෙසිය හතළිස් හතරක්ද (244), උසින් අඩි එකසිය දෙකකින්ද (102) සමන්විත මෙම හිර ගෙදර සියලුම දොරවල් විවර කළ හැක්කේ එකම යතුරකිනි. එය “මාස්ටර් කී” එක ලෙස හැඳින්වේ. මෙම ගොඩනැගිල්ලට ඇතුළු වීමට හා පිට වීමට ඇත්තේ දොරවල් දෙකකි. වම් පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය යුතුය.
මහනුවර -2
ඉපැරැණි වතුර මල හෙවත් කෝපි වගාවේ උන්නතිය සහ අවනතිය.
මහ රැජිනගේ ඔටුන්නේ හැඩයට තනන ලද මහනුවර
බැස්ටීලය ගැන පෙරදාක ලිවීමි.
මහනුවර කෝපි මලේ හැඩයට තනන ලද වතුරමලකි.
මේ වතුරමල වටා ලංකාවේ කොපි වගාවේ උන්නතිය සහ අවනතිය ලියැවේ.
එංගලන්තයේ කිරුල හිමි වේල්ස් කුමාරු
ලංකාවට සම්ප්රාප්ත වීමට
නියැමිත බැව් ප්රකාශවෙන
විට ලොකයේ කෝපී නිෂ්පාදනය කරන ප්රධාන රටවල්
තුනෙකි, ඒ බ්රසීලය, ඉන්දුනීසියාව
සහ ලංකාවයි.
ආදියේ ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් කෝපි මෙරටට හඳුන්වා දෙනු ලැබූ මුත් කෝපි පානයට නුහුරු ලංකිකයින් එම දළු මැල්ලුම් කා මල් පූජාකළ බැව් පැවසේ.
කෝපි වානිජ වගාවක් ලෙස මෙරට ප්රචලිත කළේ
ඉංග්රීසීන්
විසින.
අසාර්ථක වෑයම් කිහිපයකට පසු 1824 දී ගම්පල සිංහපිටියේ සාර්ථක වගාවක් ඇරැඹැ, 1825 පමණ වන විට ගන්නෝරුව සහ පේරාදෙනිය උද්භීද උද්යානයේ කොටසක් පවා අත්පත්කරගනිමින් සරුසාර කෝපි වගාව උඩරට පුරා ව්යාප්ත විය.
මෙරට බිමෙන් අක්කර 275 000 ට වඩා
පැතිරි මෙම වානිජ වගාවේ සරුසාර අවධිය 1870
යැයි සැලකේ.
එසේ එංගලන්තයේ ඔටුන්න හිමි වෙල්ස් කුමරු මෙරටට පැමිණීම නිමිති කොට මෙරට ධනවත් ඉංග්රීසි ජාතික කෝපි වගාකරුවන් විසින් බි්රතාන්යයේ ග්ලාස්ගෝව්හි වාත්තුකර්මාන්ත ශාලාවක පියුටර් ලෝහයෙන් අති සියුම් කැටයම් යොදවා කෝපි මලේ හැඩයට තනවනු ලැබූ මෙම වතුර මල මෙරටට කොටස් කොට ගෙන්වා, එක්ලස් කොට දළදා මාළිගාවට පැමිණෙන දහස් සංඛ්යාත බැතිමතුන්ගේ සුව පිණිස මාළිගාවට නුදුරු පන්සල් වීදියත් දේව වීදියත් හමුවෙන තැන පිහිට වනු ලැබීය.
ප්රකාශික පරිදි වේල්ස් කුමරු 1875 දෙසැම්බර මස මෙරටට පැමිණ මෙය ප්රථම වරට ක්රියාත්මක කරන කරන කාලය වන විට රටේ කෝෆි වගාව කොළ මලකඩ පැහැ ගැන්වෙන දිලීර රෝගයකට ගොදුරු වෙමින් තිබිණ.
එම වේල්ස් කුමරු හත්වැන් එඩ්වඩ් ලෙසින් 1841 දී රජවන විට එම දිලීර රෝගය විසින් මෙරට කෝපි වගාව ගිළගනිමින් පැවැතිණ.
1900 වන විට මෙරට කෝපි වගවේ විශාල බිම් ප්රමාණයක් තේ වගාව විසින් අත්පත් කරගැනිණ.
2014
වන විට ලංකාවේ කෝපි නිශ්පාදනයට ලොව හිමිවූයේ 43 වැනි
තැනයි.
කෝපි වගාව මෙරට ඇතිවී, සරුවී, නිසරු වී
ගිය ද කෝපි වගාකරුවන් ඉදිකළ අසිරිමත් වතුර මල අදත් නුවරට සිරියෙකි, සැදැහැවතුන්ගේ
දාහය නිවයි, ඇසැල
පෙරහැර කරන අලී ඇතුන්ගේ පිපාසය සංසිඳුවයි.
මහනුවර - 3
𝑰 - රුවැත්තියක සේ
බොහෝකොට කැමරාවට හසු වූ
පේරාදෙනිය පැරණි පාලම :
ජර්මන්
බසින් පළවන Das Heller-Magazin සඟරාවේ 1834 ඔක්තෝබර කලාපයක ලිපියක් පළවීමට තරම් ඉංග්රීසි ආණ්ඩුව විසින් 1833 දී පේරාදෙනියේ මහවැලි
නදිය හරහා ඉදිකළ පාලම සුවිශේෂ විය.
මේ තනි ආරුක්කු සම්පූර්ණ පාලම ම බුරුත ලීයෙන් පමණක් ම කළේ වේ.
කිසිම
තැනක යකඩ ඇනයක් හෝ ඉස්කුරුප්පුවක් හෝ බෝලට් ඇනයක් හෝ නොමැති මුළු පාලම ම කත්තුකපා පුරුද්දන ලද්දේ වේ.
මෙහි
ඇති අනෙක් සුවිශේෂත්වය නම් අඩි 215 ක් දිගු මුළු පාලම සඳහා ම
එගොඩ සහ මෙගොඩ හැරුණු විට අන් රුකුල් කණු නොමැති වීමයි.
ලුතිනන් ජනරාල් ජෝන් ෆ්රාසර් විසින් 1832-1833 මෙරට වනාන්තර වලින් ලබාගත් අනර්ග බුරුත ලීයෙන් කළ මේ පාලම් ලංකා මතු නොව ලොව ම ඉදිකිරීමේ කර්මාන්තයේ සුවිශේෂී නිමැයුමෙක් විය.
උඩරට සිහළුන් තුළ ඉංග්රීසී ආණ්ඩුව කෙරේ නොනිමි වෛරයක් ඇති බවත් කොයි මොහොතේ හෝ යළි ඇවිලී කැරැල්ලක් ඇති විය හැකි බවත් අත්දුටු ආණ්ඩුව තීරණාත්මක සටන් කිහිපයක දී ම ප්රත්යක්ෂව ඇති පරිදි කලට වේලාවට හමුදා අනුකණ්ඩ උඩරට කරා ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය මඩිනු වස් මේ පාලම ඉදිකිරීම එහි ඇති දේශපාලනයයි.
බලන දුර්ගය ඔස්සේ මහනුවර කරා පැමිණෙනවුන් එතෙක් මහවැලිය තරණය කළේ ගන්නෝරුව තොටු පලේ පාරුවෙනි.
පාලම
ඉදිකළේ එම ගන්නොරුව තොටුපලේ නොව ගඟේ ඊට ඉහළින් පේරාදෙනියේයි.
ඉංග්රීසි ආණ්ඩුව මේ පාලම මතින් ගමන්කිරීම සඳහා මුදලක් අය කළේ
හයි පැවසේ.
ඉතා
දැකුම්කළු රන්වන් පැහැබර තද ලීයක් වූ බුරුත දැවයෙන් තැනූ පාලම පේරාදෙනියට වැටෙන
අව්වෙන් සහ වැස්සෙන් අවුරුදු 72 රැකෙමින් කළ සේවය 1905 දී නිමවූයේ යකඩ පාලමේ පැමිණීමත් සමඟයි.
𝕀𝕀 - රෑ බාලක් නැටූ කටුගස්තොට පැරණි පාලම :
කිසියම්
පාලමක් විවෘත කොට, එදින රැයේ එය වීවෘත කළ
ආණ්ඩුකාරයා ද සහභාගිවෙමින් ඒ පාලම මත ම සම්භාෂණ පවත්වා බාල් නැටුමක් සිදු කරනු ලැබූ තවත් පාලමක්
ලොවේ වෙත්දැයි මම නොදනිමි.
එහෙත් 1860 මාර්තු පළමුවැනි දා ශ්රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයාගේ සහභාගිත්වයෙන් කටුගස්තොට පාලම මත එසේ සිදුවිණ.
ආදි රුහුණු, මායා, පිහිටි තෙරටේ මායිමේ කටුගස්තොට පිහිටියේ යැයි සැලකේ. ගලගෙදර දුර්ගයෙන් සෙන්කඩගල නුවරට පැමිණෙනවුන් කටුගස්තොට දී එම තොටුපලෙන් එගොඩවිය යුතුවිය.
මහනුවර මාතලේ මාර්ගය තනා 1831 දී විවෘත වූ ව ද තවත් අවුරුදු තිහක් පමණ යනතෙක් ම කටුගස්තොට දී මහවැලි නදියෙන් එතර වූ යේ පාරුව මගිනි, පාලමක් නොවිනි.
එකල ප්රධාන අපනයන බෝගය වූ කෝපි, එම අස්වනු නෙළන සමයේ අකාර්යක්ෂම පාරුව සේවය වගාකරුවන්ගෙ අප්රසාදයට පත්වින. පාලමක උවමනාව දැඩිවින.
නව පාලම ඉදිකිරීම සඳහා බිම පරික්ෂාවේ දී පාරුතොටුපලට ඉහළින් තැනෙක ඊට ඔබින ගල් පරයක් තිබෙන බැව් නිරීක්ෂණය විය. පාලම තැනුයේ එතනයි.
1858 සැපැතැම්බර 01 වැනිදා මෙහි වැඩ ඇරැඹිණ. අඩි 120 සේ කොටස් තුනකින් සමන්විට වනසේ ආධාරක කුළුනු දෙකක් මත සම්පූර්ණ යකඩ රාමුයොදා තැනු පාලමෙකි මෙය.
යටින්
ගලායන මහවැලිය හරහා වැතිර සිටින මහා කළු යෝධයෙකු වන් මේ මහා පාලම ඉදිකිරීමේ
ඉංජිනේරුවා එවකට රජයේ වැඩ කොමසාරිස් වූ මේජර් තෝමස් ස්කිනර් බැව් පැවසේ.
1904 එක්තරා දිනක මේ පාලම මතින් එහා මෙහා ගිය ගමනාගමනය මෙසේ සංගනනය වී ඇත.
අශ්වයින්
දෙදෙනෙකු අදින රොද හතරේ කරත්ත 01
තනි
අශ්ව කරත්ත (වහල රහිත) 18
රෝද
දෙකේ අශ්ව කරත්ත 18
අශ්වයෝ 01
රික්ෂෝ 12
පාපැදි 05
තිරික්කල 09
ගොන්
රේස් කරත්ත 01
බර
පැටවූ බර කරත්ත 40
හිස්
බර කරත්ත 30
බර පැට
වූ තනි ගොන් කරත්ත 10
හිස්
තනි ගොන් කරත්ත 06
ගොන් 36
මී
හරක් 01
පයින්
යන්නෝ 6525
2009 දී විවෘත කරනු ලැබූ අලුත් පාලම පසෙකින් මේ පැරණි පාලම
දැකගත හැක.
මහනුවර - 4
කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් වීමත් සමඟ මහනුවර නගරයට සදාකාලික ව ම වැව් දෙකක් අහිමි විය.
මාතලේ පාර තැනීමේ දී ගොඩ කළ සිතියමෙන් මැකී ගිය බොර වතුර තිබි මහනුවර බොරවැව,
ගොඩකළ ද සිඳලිය නොහැකිව අඳත් උල් කඳුලෙන් මහ මග තෙත් කරන
බෝගම්බර වැව.
පන්ඩුකාභය රජු (කි පු 437-367) අභය වැව ඉදිකිරීමේ සිට
මෙරට අවසන් රජු දක්වා ලංකාවට ම උරුම වාරි තාක්‍ෂණ යොදා ගොවිතැන් බත් සඳහා වැව්
කරවන ලදි.
ආක්‍රමිකයින් කරනකොට සාමයෙන් තොරව අපමණ යුද පැන නැංගේ වු
ව මහනුවර රාජධානිය කරගත් රජවරු ද වැව් තැනවීමේ නිරත වූහ.
මන්දාරම් පුවතේ සඳහන් වන පරිදි දෙවැනි රාජසිංහ රජු කන්ද උඩරට වැව් තිස් දෙකක් කරවා තිබේ.
ලංකාවේ අවසන් රජ දවස වෙන විට මහනුවර වැව් තුනක් ගැන සඳහන් වේ.
1 බොර වැව
11 බෝගම්බර වැව
111 කිරි සයුර නොහොත් නූතන
මහනුවර වැව
1-
බොර වැව :
පළමුවැනි විමලධර්මසූරිය රජු හෝ දෙවැනි රාජසිංහ රජු හෝ තනවන ලදයි සැලකෙන වැවකි බොරවැව.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු නාථ දේවාලයට අයිති ටිගොල් වෙල් යාය හාරා කිරි සයුර තැනීමට සැරැසෙන විට ඇහැලේපොල මහ නිලමේ නුවරට දැනටමත් බොර වැව සහ බෝගම්බර වැව තිබිය දි තවත් වැවක් කුමට දැයි වැව ඉදිකිරීමට එරෙහි වෙමින් රජුගෙන් ප්‍රශ්න කළ හෙයින් රජු ඔහුට තව තවත් වෛර බැන්දේ හයි පැවසේ.
කිරි සයුර ඉදිකිරීමෙන් පසු වැවෙන් පිටාර ගලන වතුර අගලක් ඔස්සේ කිරිසයුරට ගෙන ආ බැව් සැලයි.
එකල රජවාසල සිට මාතලේ දෙසට දිවෙන එක් මාර්ගයක් හඳුන්වා
ඇත්තේ ‘බොරවේ වීදිය’ නිමිනි.
නඩත්තුවක් නොමැතිව පසු කලෙක නිතර පස්කඳු කඩා වැටීමෙන් වතුර බොරවන හෙයින් මේ
වැව බොර වැව සේ නම් විය.
විටින් විට ගොඩ කොට කළ ඉදිකරීම් සහ අවසානයේ පස් දමා ගොඩකොට 1829 දී මහනුවර මාතලේ මාර්ගය ඉදිකිරීමත් සමඟ මේ වැව සම්පූර්ණයෙන් ම වැසී ගොසිණ.
බෝගම්බර වැවත් කිරිසයුරත් ස්ථාන ගත වූ පැරැණි සිතියම් සොයාගත හැකි වු වත් බොරවැව තියෙන සිතියමක් හෝ මට සොයාගත නොහැකි විය.
11 - බෝගම්බර වැව
පළමුවැනි විමලධර්මසූරිය
රජු හෝ දෙවැනි රාජසිංහ රජු හෝ දුනුමඬලා ඔය හරස්කොට ඉදිකළ වැවයි බෝගම්බර වැව.
දුනුමඬලාකන්ද, හන්තාන කඳු වැටිය, බහිරව කන්ද,
උඩවත්ත
කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරෙනුයි වැව පෝෂණය ව ඇත්තේ.
අද බෝගම්බර ක්‍රීඩා පිටියේ සිට පොදු වෙළද පොළ, මහනුවර බස් නැවැතුම්පොල, පොලිස් ගොඩ නැඟිල්ල, ගනදෙව් කෝවිල, ප්රධාන තැපැල් කාර්යාලය, දුම්රිය පල තෙක් සයුරක් සේ පැතිරි බෝගම්බර වැවෙන් දෙයියනේනේ වෙල, ගැටඹේ, මුල්ගම්පොල වෙල්යායට දියවර සැපැයිණ.
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස 1706 දී වැව පෝෂණය කළ කඳු ඔස්සේ ම ගලා ආ මහා ජල ගැල්මෙන් මෙම වැව් බැම්ම බිඳී ඉක්බිතිව වැවේ රෙන් මඩ තැන්පත් වීමෙන් වැවේ පරිහානය ඇරැඹි බවත් එසේ නඩත්තුවක් නොවී පැවැතිය දී 1828 ජලගැල්මෙන් වැව බොහෝ සෙයින් හානියට පත් වූ බවත් පැවසේ.
1814 මැයි 17 වැනිදා විශ්ණු දේවාලය සහ නාථ දේවාලය අතර පිහිටි දේව සංහිඳ හි දී ඇහැලේපොල කුමාරහාමී ඇතුළු පිරිස මරණ දඩුවමට පැමිණ වු ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඇගේ පිරමිදරුවන් දෙදෙනාගේ හිස ගසා දමවා බිළිඳු දියණියගේ හිස ඈ ලවා ම වංගෙඩියේ ලා කොටවා ඇහැලේපෝල කුමාරි හාමිත් පුස්සැල්ලේ දීශාවගේ බිරිඳත් බෝගම්බර වැවේ ගිල්වා මරා දැමුණු බැව් ප්‍රකටය.
(කම්පාවට පත් කන්ද
උඩරැටියන් විලාප දී හඬනඟා ඇත, එතැන් පටන් දින දෙකක් කන්දේ
නුවර කිසිම ගෙදරක ලිප මොලවා යමක් නොපිසූ බැව් පැවසේ)
පත්තිරිප්පුවේ සිට රජුට මෙය නැරැඹීමට හැකිවූයේ එම දියේ
ගිල්ලීම අද කොඩිතුවක්කු ගොඩනැඟිල්ල පිහිටිතැන බෝගම්බර දියේ සිදුකළ හෙයිනැයි මා
වරෙක කියවා ඇත.
1840 පමණ වනතුර බෝගම්බර වැව් රාජයා නඩත්තු නොවුන ද යම් අයුරකින් රැකිණ.
1841 කොළඹ- මහනුවර මහා මාර්ගයේ වැඩ නිමකිරීම සඳහා බෝගම්බර වැවේ කොටසකුත්, 1867 මහනුවරට පිවිසෙන දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා තවත් කොටසකුත් වශයෙන් ගොඩ කරනු ලැබූ වැව 1875 වේල්ස් කුමාරය ලංකාවට පැමිණෙන අවස්ථාවේ සම්පූර්ණයෙන් ගොඩකොට අද පවතින් ක්‍රීඩා පිටිය තැනූ බවත් සඳහන් වේ.
එහෙත් තවම මෙම වැව් රාජයාගේ කඳුළු උල්ව දුම්රිය පල මාර්ගය විටින් විට තෙත් කරයි.











No comments:
Post a Comment