යොවුන් නවකතාව
ළමා කතා යොවුන් නවකතා ද?
යොවුන් නවකතාවට හැඳින්වීමක්...
.....when I write a young
adult novel, I’m writing for everyone;
when I write for adults, I’m only writing for some
people.
-Diana Wynne Jones
( novelist, poet, academic, literary critic, and short story writer.)
...මම යොවුන්
නවකතාවක් ලියන විට එය සැම දෙනා සඳහා ම ලියමි.
එහෙත් වැඩිහිටි නවකතා ලියනුයේ එක්තරා පිරිසක්
සඳහා පමණි.....
(නවකතා, කවි, කෙටිකතා, අධ්‍යාපනික සහ සාහිත්‍ය විචාර ග්‍රන්ථකරනයේ යෙදෙන සාහිත්‍යධර)
-ඩයනා වෙන් ජෝන්ස්
යොවුන් නවකතාව
පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් මෙරට සිදුවෙන බවක් නොපෙනේ. මා සාහිත්‍යය පිළබඳ ප්‍රාමාණික
උගතකු නොවන හෙයන් මේ තබන සටහන මෙම යොවුන් නවකතාවට ප්‍රවේශයක් පමණි.
ඉලක්කගත කෙරෙන වයස් ප්‍රමාණයන් අනුව සාහිත්‍ය ප්‍රකාශන I. ළමා පෙළ සාහිත්‍යය children’s literature II. මධ්‍යම පෙළ සාහිත්‍යය middle grade lit. III යොවුන් සාහිත්‍යය young adult lit IV. වැඩිහිටි සාහිත්‍යය adult lit. වශයෙන් සතර වැදැරුම් වේ.
බොහෝ කොට
පිංතූර ඇතිව ඉතා සරල බසින් ලොකු අකුරෙන් අවුරුදු අටට අඩු ළමුන් සඳහා නිර්මාණය වන
සරල කෙටි කතාන්දර ළමා සාහිත්‍යයට අයත් වේ.
පරිසරය ගවේෂණය කරමින් තමනුත් අන් අයත් හඳුනාගෙන
සමාජයේ තමාට හිමි තැන සිට ගැනීමට වෑයම් කරන අවුරුදු අටත් දොළෙහත් අතර ළමුන් සඳහා
වික්‍රමාන්විත ක්‍රියා, යහළු
යෙහෙළියන් අතර අන්‍යෝන්‍ය සබඳතා, විද්‍යාත්මක සොයා ගැනීම් මතු නොව රහස් පරික්‍ෂණ හා
අද්භූත සිදුවීම් ආදී තවත් නන් වැදෑරුම්
තේමා යටතේ ප්‍රචන්ඩත්වය සහ ලිංගික කෙළෙසිම් ආදියෙන් තොරව සරල ව්‍යාකරන රීති
අනුගමනව කොට අසිරු වචන සීමාකොට හොඳින් පරිච්ඡේද ගන්වා සිදු කෙරෙන වචන පනස්දාහට අඩු
නිර්මාණ මධ්‍යම පෙල සාහිත්‍යයට අයත්වේ.
යොවුන් නවකතාවත් වැඩිහිටි නවකතාවත් අතර ද මූලික බෙදීම සිදුවනුයේ ඉලක්කගත වයස් පරාසයෙනි. මෙම වයස් කණ්ඩායම පිළිබඳව ප්‍රකට මත දෙකක් වේ. දෙපිරිස ම අවුරදු දොළහ යටත් සීමාව සේ දක්වනු ලැබූව ද උඩත් සිමාව අවුරුදු දහ අට යැයි ප්‍රකට නිර්ණායකයන්හි දැක්වෙන අතර Kenneth L. Donelson, Alleen Pace Nilsen (1989) දෙපල විසින් ඔවුන්ගේ අධ්‍යයනයන් හි දී එය අවුරුදු විස්ස වශයෙන් දක්වනු ලබයි.
යොවුන් නවකතාව වනාහී නවකතාවේ වයස්ගත වර්ගීකරනයක් මිස නවකතා ප්‍රභේදයක් (Genre) ලෙස හැඳින්වෙන බවක් නොපෙනේ.
මහාචාර්ය John H. Bushman (1993) විසින් යොවුන් නවකතාවෙක තිබිය යුතු මූලික ලක්‍ෂණ හතරක් දක්වා ඇත.
නවකතාවේ ගැටුම් අත්දැකුම් යොවුන් වියේ අත්දැකීම්
හා සංගත වීම; තේමාව යොවුන්
වියට රුචි තේමාවක් වීම; ප්‍රධාන චරිතය
සහ සෙසු චරිත බොහෝමයක් යොවුන් වීම; භාෂාව යොවුන් වියට උචිත වීම මෙම කරුණු හතරයි.
නවකතාවේ වස්තු බීජය අනු වස්තු බීජ සීමිත ප්‍රමාණයකට පමණක් අනුගතකිරීමත්, චරිත ඉතා සීමිත වීමත්, නවකතාවේ කාල අවකාශය දිගු නොවීමත්, නවකතාව පිටු එකසිය පනහ සහ දෙසිය පනහ අතර පිහිටුවා ගැනුමත් වඩා උචිත යැයි මහාචාර්ය Leila Christenbury(1994) පවසන්නීය.
අන් කරුණු හා සසඳන කල්
හි යොවුන් නවකතාකරුට වඩා ගැටලුකාරී වනුයේ තේමාව ඉලක්කගත වයසට සරිලන සේ ගලපා තම
නිර්මාණයේ යෙදීමයි.
එහෙයින් ම
යොවුන් නවකතාවේ තේමාව පුළුල් සේ සාකච්ඡා වෙමන් පවති; එසේ ම මේ වන විට පුළුල් ව නිර්මාණයන්හි
යොදාගැනේ.
මිත්‍රත්වය, පළමු ප්‍රේමය, වික්‍රමාන්විත ක්‍රියා, (ඇතැම් තැනක ‘ගැටලු නවකතා’ problem novels වශයෙන් ගැනුණු නවකතාවන්ට පාදක වූ) යෞවනත්වයට ඇති අභියෝග ආදිය මුල්කාලින යොවුන් නවකතාවන්ට සංකේන්ද්‍රීය වූ තේමාවන් විය.
ලිංගිකත්වය,
ප්‍රචන්ඩත්වය, මත්ලෝලිත්වය, සමලිංගිකත්වය
තේමාකොටගත් යොවුන් නවකතා දැන් බටහිර ලෝකයෙන් බොහෝ කොට බිහිවේ.
යොවුන්
නවකතාවන් හි තේමාව පිළිබඳ සාකච්ඡාවේ දී බටහිර විචාරකයින් සැලකිල්ලට ගෙන දක්වන
නවකතා කිහිපයෙකි.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව පෙනහලු කරා පැතිරිගිය අවුරුදු දහසයක ගැහැනු ළමයෙකු වටා ගෙතන The Fault in our Stars by John Green නවකතාව ඉන් එකෙකි. ඇට මිදුළු පිළිකාවක් හේතුකොට පැසි පන්දු ක්‍රීඩාවේ දී ආබාධිතවන අවුරුදු දහහතක තරුණයෙකු මෙම දැරියට මුණගැසේ. දැරියත් තරුණයාත් ඔවුන් එකිනෙකා ප්‍රියකරන නවකතා දෙදෙනා අතර හුවමාරකරගනී. දැරියගෙන් ලබන එක් නවකතාවක අවසානය පිළිබඳ නොසතුටට පත්වන තරුණයා ඇය හා ඉතා අසිරුවෙන් ඒ වන විට ඇමැස්ටඩ්‍රෑමයේ ජීවත්වෙන නවකතාකරු හමුවීමට යයි. එසේ මතුවන ඔවුන්ගේ ප්‍රේමය වටා ගෙතුණු නවකතාවක් එය. තේමාව, චරිතයන් ප්‍රබලව ගොඩ නැඟීම, උචිත භාෂාව හේතුකොට මෙය ප්‍රශස්ත යොවුන් නවකතාවක් සේ සැලකේ.
Laurie Halse Anderson ගේ Speak බොහෝ සෙයින් සාකච්ඡාවෙන තවත් යොවුන් නවකතාවකි. පාසැල් සාදයක දී ශිෂ්‍යයෙකුගෙන් දූෂණය වන ශිෂ්‍යයාවක විසින් තමාට සිදු වු අතවරය කිසිවෙකු හා කිසිවිටෙක කතා නොකරන ලද මුත් ඈ තුළ හටගන්නා ජීවිත සංකූලතා රාශියක් හේතුකොට සෙසු සිසුන් විසින් ඇය කොන්කරනු ලැබව තම පාසැල් ගමන නවතා දැමේ. දූෂණයට පත් ව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PSTD) පෙළෙන එම දැරිය පිළිබඳ ලියැවෙන නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ අවසාන වටයට පවා නිර්දේශවුණු සංකේත භාවිතාව, චරිත විකාශය, භාෂාව සහ තේමාව අනගිකොට සලකන යොවුන් නවකතාවෙකි එය.
බොහෝ පිරිසක් කියවනු ලැබූ භාෂා හැට තුනකට වඩා පරිවර්තනය කෙරුණු උසස් යොවුන් නවකතාවෙකි බිහිසුණු දෙවැනි ලෝක මහා යුද්ධය පැවැති සමයේ නාසි රෙජිමයේ වද හිංසනයට පත් වූ දැරියක විසින් ජර්මන් හමුදා ගිනිතැබීමට සොයන පොත් හොරකම් කොට කියවිමට හා ලිවීමට පෙළැඹැව තම ජීවන කතාව ලිවීම තේමා කොටගත් Markus Zusak ගේ The Book Thief යොවුන් නවකතාව.
ම විසින් කියවන ලද හොඳම යොවුන් නවකතාව කුමක්දැයි කිසිවෙකු විසින් විමසන ලද හොත් මම නොපැකිළිව නවකතා දෙකක් පවසමි. Mark Haddon ගේ The Curious Incident of the Dog in the Night-Time සහ නොබෙල් ත්‍යාග ලාභී William Golding ගේ Lord of the Flies නවකතා දෙකයි.
මාර්ක හැඩන්ගේ The Curious Incident of the Dog in the Night-Time යොවුන් නවකතාව ම විසින් ‘මහ රෑ හමු වූ අරුම පුදුම බලු විපත’ යනුවෙන් සිංහලයට නඟණු ලැබව ‘සයුර‘ ප්‍රකාශනයක් වශයෙන් 2015 දී එළිදැක්වින. ‘ඔටිසම්’මානසික තත්ත්වයෙන් යුතු එහෙත් ගණිතය විෂයට මාහැඟි දක්‍ෂතා ඇති දරුවෙකු විසින් කරනු ලබන රහස් පරික්‍ෂණයක් වට ගෙතෙන මෙම යොවුන් නවකතාවෙන් ‘ඔටිසම්’ තත්ත්වයේ දරුවන් මුහුණ දෙන ගැටලු මෙන් ම එවන් දරුවෙකු නිසා ඇතිවන පවුල් ආරවුල් ද තීව්‍රව විග්‍රහ වේ.
විලියම්
ගොල්ඩින්ගේ ඉහත දැක් වූ දෙවැනි නවකතාව මගේ හිත ගත් ප්‍රධාන ම හේතුව එයින් ළමුන්ගේ
කුරිරුකම් මැනැවින් දැක්වීමයි. ගුරවරයෙකු වශයෙන් දිගු කලක් සේවය කල මා ළමුන්ගේ
කුරිරු ක්‍රිය අපමණවත් දැක ඇත. ළමුන් මල් හා සරි යැයි සිතන අපට මගහැරෙන ඔවුන්ගේ
දැඩි දුෂ්ටකම් ගොල්ඩින් තම නිර්මාණට සූක්ෂ්ම ව හසුකොට ඇතැයි එය කියවන මට හැඟිණ.
යොවුන් නවකතා ද ලියනුයේ වැඩිහිටියන් විසිනි. ‘සෑම වැඩිහිටියෙකු තුළ ම තවමත් එක්තරා තරමක යෞවනයෙක් සිටී, යොවුන් සාහිත්‍යකරනයේ යෙදෙන වැඩිහිටි නිර්මාණකරු තම වියමනේ දී එම යෞවනයාට සමීප වීම කළ යුතුයි’ Divergent තුන් ඈඳුතු යොවුන් කෘතියෙන් ඩොලර් මිලියන තිහක් උපයා ගත්Veronica Roth ලේඛිකාව එසේ කියන්නීය.
වැඩිහිටි
ලේඛකයා යොවුන් නවකතා කියවන පාඨක පිරිස වැඩිහිට නවකතා කියවන්නන් මේන් බුද්ධිමත්
නොවේ යැයි හඟිණු ලබන්නේ නම් එය බලවත් වරදෙකි. යෞවනයෝ ද සාහිත්‍යයේ ගැඹුර සොයති.
හොඳ නවකතාවක් යනු හොඳ නවකතාවෙකි. ඊට වයස් භේදයක් නැත. ඉතා ගැඹුරු දේ යොවුන් නවකතා
මගින් මැනැවින් පෙන්වාදෙතැයි විශ්වාසකරයි.
2012 දී Bowker Market Research විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව යොවුන් නවකතා මිලදී ගන්නන්ගෙන් 55% ක් වයස අවුරුදු දහ අට ඉක්ම වූ වැඩි හිටියන් බවත් එයින් 78%ක් එසේ මිල දී ගනුයේ තමාට ම කියවිම පිණිස බවත් නිරාවරණය ව තිබේ.
2017 'ATLANTIC' හි පළවූ සමීක්‍ෂණ ලිපියකට අනුව යොවුන් නවකතා නොහොත් young adult නවකතා කියවනන්නන්ගෙන් හරි අඩකට වඩා සිටිනුයේ අවුරුදු දහ අටට වැඩි පාඨකයින්.
HARRY POTTERඅන්තර්ජාතික වශයෙන් ප්‍රකට යොවුන් නවකතා ගතහොත් මේවා යොවුන් නවකතා වූ ව ද මහා බි්‍රතාන්‍යයේ ළමුන් සදහා එක් කවර විශේෂයකින් ද වැඩි හිටියන් සඳහා අන්තර්ගතය එසේ ම තිබිය දී වෙනත් කවරකින්ද නිකුත් කරනු ලබන බැව් නොරහසකි. වැඩි හිටියන් මේ නවකතා කියවීමට කැමැති හෙයින් තමා යොවුන් නවකතාවක් නොකියවන බව ඔවුනට ඒත්තුගන්වනු වස් එසේ කවර මාරකොට වෙළඳ පොළට යවයි.
The Book Thief යොවුන් නවකතාව සිංහලයට
නඟා ඇත. එම පරිවර්තනයේ ස්වභාවය හෝ එය යොවුන් නවකතා ලේබලය යටතේ ප්‍රකාශ කර තිබේ ද
කියා හෝ මම නොදනිමි. එහෙත් ලොව අන්තන්හි සිදු වූ වා සේ මෙරට ද එය කියවන වැඩි
පිරිසක් වැඩිහිටියන් යැයි සිතමි.
නවකතා,
කෙටිකතා, කවි, යොවුන් නවකතා, අධ්‍යාපනික ආදී ග්‍රන්ථකරනයේ
යෙදෙමින් සාහිත්‍ය විචාරයේ ද නියැලෙන ඩයනා
වෙන් ජොන්ස් ලේඛිකාව ‘මා යොවුන් නවකතා ලියන විට එවා සැම දෙනා සඳහාත්, වැඩි හිටි නවකතා
එක්තරා පිරිසක් සඳහාත් ලියමි’ යනුවෙන් සඳහන් කරනුයේ එහෙයින.
මා ඉහත ගෙනහැර දැක් වූ සියල්ල යොවුන් නවකතා ලෙස ප්‍රකාශිත වු ව දTime Magazine, The Guardian, The Greatest Books ආදී ශ්‍රේණිගත කිරීම් හි දී මේවා ලොව උසස් ගණයේ නවකතා ලෙසින් නම් කරනු ලැබව ඇත. උසස් යොවුන් නවකතා වැඩිහිටියන් සඳහා ද බොහෝ සෙයින් උචිත වේ.
ඇතැම් යොවුන්
වියේ දරුවන් දොස්ත්‍රවොස්කි කියවීමට තරමට සාහිත්‍යය සහ එහි ගැඹුර හඳුනන මුත් ඔවුනට
වැඩිහිටි නවකතා හඳුන්වා දීමට යැමෙන් ලොව පුරා බොහෝ රටවල පාසැල් ඔවුන්ගේ කියවීමේ
රුචිය අවහිර කර ඇති බැව් නූතන අධ්‍යාපනඥයින් පවා සනාථකරන ප්‍රකට මතයෙකි.
මා උපහැරන කොට දැක් වු Harry Potter, Speak, The Book Thief , Lord of the Flies, The Fault in our Stars යනාදී යොවුන් නවකතා චිත්‍රපට ගතකොට ඇත්තේ එක්තරා වයස් සීමාවක් ඉලක්ක කොට නොව. අප සැම මේ නවකතා කියවිමට මෙන් ම සිනමා පට ද බැලීමට කැමැත්තෙමු.
- පී බී ජයසේකර.
No comments:
Post a Comment