Friday, October 21, 2022

                A Man's place by Annie Ernaux

“It’s the work of a novelist to tell the truth. Sometimes I don’t know what truth I’m looking for, but it’s always a truth that I’m seeking.”

                                                                   -  Annie Ernaux

         

 



                                                                      
                                                                                  


My grandfather lived in a small house with beaten earth and a thatched roof in a remote village throughout his life ...   My father had two kilometres to go on foot to get to school ...   At school, the teacher checked nails, teeth, and hair (for lice) and would rap the boys' fingers with an iron ruler if anything went wrong ... During theng the harvest season, my father had to work in the fields of wealthy farmers, so he missed school...   At one of the village festivals, he climbed up to the top of the grease pole but slipped down just before unhooking the basket of provisions... His father, seeing his failure, flew into a rage and cried at him, "Clumsy oaf." for hours .... Preparing for a wedding ceremony in this village was done for months, and the invitees to the occasion would go on starving without eating for several days to enjoy the feast at the most ....   On such a wedding day, one village woman went lavishly on to feed chicken to a child recovering from scarlet fever, and the child died choking ...  My grandfather, having no land to himself, had to work as a carter for a wealthy farmer, and being illiterate, he flew into a rage whenever he caught someone reading a book or paper in his house ... Since his father, like the other fathers in the village, was unwilling to feed the grown-ups, he left school to be a labourer in a factory rather than toiling in the fields ....   He had fallen in love with a girl, and his sisters, who used to be housemaids for middle-class houses, disliked his fiancee for wearing short dresses, having short hair, painting her nails, and most of all for being a factory girl ... After marriage, he left the village ambitiously to have a cafe on his own plot of land ....

When reading the novel, I felt that I had been planted in ideal soil to grow up in a village in France, and later in life, I was writing my life story.

That was the era of Marcel Proust's writing novels in France, though many poverty-stricken people who could not write even their names were in villages.

Anni Ernaux, the 2022 Nobel Laureate in Literature, tells the story of her father, who could not overcome many hindrances in his endeavour to rise from the lower working class to the middle class.

Her father opened his dream cafe with his wife and worked hard to develop it, but, in nature, in his leisure, he loved to do manual work , rebuilding unwanted extensions to the house and keeping a vegetable garden in the back yard.

He read papers from the first page to the last, but failed to spell "read and approved" on a visit to the solicitor , so, after a short while, he wrote "read and a proved" on the given document. Although his conversations with customers were soft and polite, he shifted to his ancestral dialect at home and shouted at the top of his voice.

In photographs, he never smiled, nor even in his wedding photo, and he never considered the settings, so in some, there were toilets or warehouses in the background.

He suffered from an inferior complex all his lifetime, haunted by his working-class origins, and passed away with many unfulfilled needs.

          It is a well-received novel with a simple but inspiring scope to illustrate the class struggle within French society through the fascinating overview of Annie Ernaux's complex relationship with her father.

 

 

 

 

 

 

 

 

 

Sunday, October 16, 2022

                  

                                              යොවුන් නවකතාව


ළමා කතා යොවුන් නවකතා ද? 

යොවුන් නවකතාවට හැඳින්වීමක්...

  

.....when I write a young adult novel, I’m writing for everyone;  

     when I  write for adults, I’m only writing for some people.

                                                                         -Diana Wynne Jones

                             ( novelist, poet, academic, literary critic, and short story writer.)


 

...මම යොවුන් නවකතාවක් ලියන විට එය සැම දෙනා සඳහා ම ලියමි.

  එහෙත් වැඩිහිටි නවකතා ලියනුයේ එක්තරා පිරිසක් සඳහා  පමණි.....

 (නවකතා, කවි, කෙටිකතා, අධ්‍යාපනික සහ සාහිත්‍ය විචාර ග්‍රන්ථකරනයේ යෙදෙන  සාහිත්‍යධර)

                                                          -ඩයනා වෙන් ජෝන්ස්

 

 


 

    යොවුන් නවකතාව පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් මෙරට සිදුවෙන බවක් නොපෙනේ. මා සාහිත්‍යය පිළබඳ ප්‍රාමාණික උගතකු නොවන හෙයන් මේ තබන සටහන මෙම යොවුන් නවකතාවට ප්‍රවේශයක් පමණි.

    ඉලක්කගත කෙරෙන වයස් ප්‍රමාණයන් අනුව සාහිත්‍ය ප්‍රකාශන  I. ළමා පෙළ සාහිත්‍යය children’s literature  II. මධ්‍යම පෙළ සාහිත්‍යය   middle grade lit.   III යොවුන් සාහිත්‍යය young adult lit   IV. වැඩිහිටි සාහිත්‍යය  adult lit. වශයෙන් සතර වැදැරුම් වේ.

    බොහෝ කොට පිංතූර ඇතිව ඉතා සරල බසින් ලොකු අකුරෙන් අවුරුදු අටට අඩු ළමුන් සඳහා නිර්මාණය වන සරල කෙටි කතාන්දර ළමා සාහිත්‍යයට අයත් වේ.

     පරිසරය ගවේෂණය කරමින් තමනුත් අන් අයත් හඳුනාගෙන සමාජයේ තමාට හිමි තැන සිට ගැනීමට වෑයම් කරන අවුරුදු අටත් දොළෙහත් අතර ළමුන් සඳහා වික්‍රමාන්විත ක්‍රියා, යහළු යෙහෙළියන් අතර අන්‍යෝන්‍ය සබඳතා, විද්‍යාත්මක සොයා ගැනීම් මතු නොව රහස් පරික්‍ෂණ හා අද්භූත සිදුවීම්  ආදී තවත් නන් වැදෑරුම් තේමා යටතේ ප්‍රචන්ඩත්වය සහ ලිංගික කෙළෙසිම් ආදියෙන් තොරව සරල ව්‍යාකරන රීති අනුගමනව කොට අසිරු වචන සීමාකොට හොඳින් පරිච්ඡේද ගන්වා සිදු කෙරෙන වචන පනස්දාහට අඩු නිර්මාණ මධ්‍යම පෙල සාහිත්‍යයට අයත්වේ. 

      යොවුන් නවකතාවත් වැඩිහිටි නවකතාවත් අතර ද මූලික බෙදීම සිදුවනුයේ ඉලක්කගත වයස් පරාසයෙනි. මෙම වයස් කණ්ඩායම පිළිබඳව ප්‍රකට මත දෙකක් වේ. දෙපිරිස ම අවුරදු දොළහ යටත් සීමාව සේ දක්වනු ලැබූව ද උඩත් සිමාව අවුරුදු දහ අට යැයි ප්‍රකට නිර්ණායකයන්හි දැක්වෙන අතර Kenneth L. Donelson, Alleen Pace Nilsen (1989) දෙපල විසින් ඔවුන්ගේ අධ්‍යයනයන් හි දී එය අවුරුදු විස්ස වශයෙන් දක්වනු ලබයි.

යොවුන් නවකතාව වනාහී නවකතාවේ වයස්ගත වර්ගීකරනයක් මිස නවකතා ප්‍රභේදයක් (Genre) ලෙස හැඳින්වෙන බවක් නොපෙනේ.

මහාචාර්ය  John H. Bushman (1993) විසින් යොවුන් නවකතාවෙක තිබිය යුතු  මූලික ලක්‍ෂණ හතරක් දක්වා ඇත.

     නවකතාවේ ගැටුම් අත්දැකුම් යොවුන් වියේ අත්දැකීම් හා සංගත වීම; තේමාව යොවුන් වියට රුචි තේමාවක් වීම; ප්‍රධාන චරිතය සහ සෙසු චරිත බොහෝමයක් යොවුන් වීම; භාෂාව යොවුන් වියට උචිත වීම මෙම කරුණු හතරයි.


    නවකතාවේ වස්තු බීජය අනු වස්තු බීජ සීමිත ප්‍රමාණයකට පමණක් අනුගතකිරීමත්, චරිත ඉතා සීමිත වීමත්, නවකතාවේ කාල අවකාශය දිගු නොවීමත්, නවකතාව පිටු එකසිය පනහ සහ දෙසිය පනහ අතර පිහිටුවා ගැනුමත් වඩා උචිත යැයි මහාචාර්ය  Leila Christenbury(1994)    පවසන්නීය.

                අන් කරුණු හා සසඳන කල් හි යොවුන් නවකතාකරුට වඩා ගැටලුකාරී වනුයේ තේමාව ඉලක්කගත වයසට සරිලන සේ ගලපා තම නිර්මාණයේ යෙදීමයි.

    එහෙයින් ම යොවුන් නවකතාවේ තේමාව පුළුල් සේ සාකච්ඡා වෙමන් පවති; එසේ ම මේ වන විට පුළුල් ව නිර්මාණයන්හි යොදාගැනේ.

    මිත්‍රත්වය, පළමු ප්‍රේමය, වික්‍රමාන්විත ක්‍රියා, (ඇතැම් තැනක ‘ගැටලු නවකතා’ problem novels  වශයෙන් ගැනුණු නවකතාවන්ට පාදක වූ) යෞවනත්වයට ඇති අභියෝග ආදිය මුල්කාලින යොවුන් නවකතාවන්ට සංකේන්ද්‍රීය වූ තේමාවන් විය.

    ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය, මත්ලෝලිත්වය, සමලිංගිකත්වය තේමාකොටගත් යොවුන් නවකතා දැන් බටහිර ලෝකයෙන් බොහෝ කොට බිහිවේ.

    යොවුන් නවකතාවන් හි තේමාව පිළිබඳ සාකච්ඡාවේ දී බටහිර විචාරකයින් සැලකිල්ලට ගෙන දක්වන නවකතා කිහිපයෙකි.

    තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව පෙනහලු කරා පැතිරිගිය අවුරුදු දහසයක ගැහැනු ළමයෙකු වටා ගෙතන The Fault in our Stars by John Green නවකතාව ඉන් එකෙකි. ඇට මිදුළු පිළිකාවක් හේතුකොට පැසි පන්දු ක්‍රීඩාවේ දී ආබාධිතවන අවුරුදු දහහතක  තරුණයෙකු මෙම දැරියට මුණගැසේ. දැරියත් තරුණයාත් ඔවුන් එකිනෙකා ප්‍රියකරන නවකතා දෙදෙනා අතර හුවමාරකරගනී. දැරියගෙන් ලබන එක් නවකතාවක අවසානය පිළිබඳ නොසතුටට පත්වන තරුණයා ඇය හා ඉතා අසිරුවෙන් ඒ වන විට ඇමැස්ටඩ්‍රෑමයේ ජීවත්වෙන නවකතාකරු හමුවීමට යයි. එසේ මතුවන ඔවුන්ගේ ප්‍රේමය වටා ගෙතුණු නවකතාවක් එය. තේමාව, චරිතයන් ප්‍රබලව ගොඩ නැඟීම, උචිත භාෂාව හේතුකොට මෙය ප්‍රශස්ත යොවුන් නවකතාවක් සේ සැලකේ.

     Laurie Halse Anderson ගේ Speak බොහෝ සෙයින් සාකච්ඡාවෙන තවත් යොවුන් නවකතාවකි. පාසැල් සාදයක දී ශිෂ්‍යයෙකුගෙන් දූෂණය වන ශිෂ්‍යයාවක විසින් තමාට සිදු වු අතවරය කිසිවෙකු හා කිසිවිටෙක කතා නොකරන ලද මුත් ඈ තුළ හටගන්නා ජීවිත සංකූලතා රාශියක් හේතුකොට සෙසු සිසුන් විසින් ඇය කොන්කරනු ලැබව තම පාසැල් ගමන නවතා දැමේ. දූෂණයට පත් ව පශ්චාත් ව්‍යසන ක්ලමථ  අක්‍රමතාවයෙන්  (PSTDපෙළෙන එම දැරිය පිළිබඳ ලියැවෙන නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ අවසාන වටයට පවා නිර්දේශවුණු සංකේත භාවිතාව, චරිත විකාශය, භාෂාව සහ තේමාව අනගිකොට සලකන යොවුන් නවකතාවෙකි එය.

    බොහෝ පිරිසක් කියවනු ලැබූ භාෂා හැට තුනකට වඩා පරිවර්තනය කෙරුණු උසස් යොවුන් නවකතාවෙකි බිහිසුණු දෙවැනි ලෝක මහා යුද්ධය පැවැති සමයේ නාසි රෙජිමයේ වද හිංසනයට පත් වූ දැරියක විසින් ජර්මන් හමුදා ගිනිතැබීමට සොයන පොත් හොරකම් කොට කියවිමට හා ලිවීමට පෙළැඹැව තම ජීවන කතාව ලිවීම තේමා කොටගත් Markus Zusak ගේ The Book Thief  යොවුන් නවකතාව.

       ම විසින් කියවන ලද හොඳම යොවුන් නවකතාව කුමක්දැයි කිසිවෙකු විසින් විමසන ලද හොත් මම නොපැකිළිව නවකතා දෙකක් පවසමි. Mark Haddon ගේ The Curious Incident of the Dog in the Night-Time  සහ නොබෙල් ත්‍යාග ලාභී William Golding ගේ  Lord of the Flies නවකතා දෙකයි.

    මාර්ක හැඩන්ගේ  The Curious Incident of the Dog in the Night-Time යොවුන් නවකතාව ම විසින් ‘මහ රෑ හමු වූ අරුම පුදුම බලු විපත’ යනුවෙන් සිංහලයට නඟණු ලැබව ‘සයුර‘ ප්‍රකාශනයක් වශයෙන් 2015 දී එළිදැක්වින. ‘ඔටිසම්’මානසික තත්ත්වයෙන් යුතු එහෙත් ගණිතය විෂයට මාහැඟි දක්‍ෂතා ඇති දරුවෙකු විසින් කරනු ලබන රහස් පරික්‍ෂණයක් වට ගෙතෙන මෙම යොවුන් නවකතාවෙන් ‘ඔටිසම්’ තත්ත්වයේ දරුවන් මුහුණ දෙන ගැටලු මෙන් ම එවන් දරුවෙකු නිසා ඇතිවන පවුල් ආරවුල් ද තීව්‍රව විග්‍රහ වේ.

    විලියම් ගොල්ඩින්ගේ ඉහත දැක් වූ දෙවැනි නවකතාව මගේ හිත ගත් ප්‍රධාන ම හේතුව එයින් ළමුන්ගේ කුරිරුකම් මැනැවින් දැක්වීමයි. ගුරවරයෙකු වශයෙන් දිගු කලක් සේවය කල මා ළමුන්ගේ කුරිරු ක්‍රිය අපමණවත් දැක ඇත. ළමුන් මල් හා සරි යැයි සිතන අපට මගහැරෙන ඔවුන්ගේ දැඩි දුෂ්ටකම් ගොල්ඩින් තම නිර්මාණට සූක්ෂ්ම ව හසුකොට ඇතැයි එය කියවන මට හැඟිණ.

    යොවුන් නවකතා ද ලියනුයේ වැඩිහිටියන් විසිනි. ‘සෑම වැඩිහිටියෙකු තුළ ම තවමත් එක්තරා තරමක යෞවනයෙක් සිටී, යොවුන් සාහිත්‍යකරනයේ යෙදෙන වැඩිහිටි නිර්මාණකරු තම වියමනේ දී එම යෞවනයාට සමීප වීම කළ යුතුයි’  Divergent තුන් ඈඳුතු යොවුන් කෘතියෙන් ඩොලර් මිලියන තිහක් උපයා ගත්Veronica Roth ලේඛිකාව එසේ කියන්නීය. 

    වැඩිහිටි ලේඛකයා යොවුන් නවකතා කියවන පාඨක පිරිස වැඩිහිට නවකතා කියවන්නන් මේන් බුද්ධිමත් නොවේ යැයි හඟිණු ලබන්නේ නම් එය බලවත් වරදෙකි. යෞවනයෝ ද සාහිත්‍යයේ ගැඹුර සොයති. හොඳ නවකතාවක් යනු හොඳ නවකතාවෙකි. ඊට වයස් භේදයක් නැත. ඉතා ගැඹුරු දේ යොවුන් නවකතා මගින් මැනැවින් පෙන්වාදෙතැයි විශ්වාසකරයි.

    2012 දී Bowker Market Research විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව යොවුන් නවකතා මිලදී ගන්නන්ගෙන් 55% ක් වයස අවුරුදු දහ අට ඉක්ම වූ  වැඩි හිටියන් බවත් එයින් 78%ක් එසේ මිල දී ගනුයේ තමාට ම කියවිම පිණිස බවත් නිරාවරණය ව තිබේ.

2017 'ATLANTIC' හි පළවූ සමීක්‍ෂණ ලිපියකට අනුව යොවුන් නවකතා නොහොත් young adult නවකතා කියවනන්නන්ගෙන් හරි අඩකට වඩා සිටිනුයේ අවුරුදු දහ අටට වැඩි පාඨකයින්.

  HARRY POTTERඅන්තර්ජාතික වශයෙන් ප්‍රකට යොවුන් නවකතා ගතහොත් මේවා යොවුන් නවකතා වූ ව ද මහා බි්‍රතාන්‍යයේ ළමුන් සදහා එක් කවර විශේෂයකින් ද වැඩි හිටියන් සඳහා අන්තර්ගතය එසේ ම තිබිය දී වෙනත් කවරකින්ද නිකුත් කරනු ලබන බැව් නොරහසකි. වැඩි හිටියන් මේ නවකතා කියවීමට කැමැති හෙයින් තමා යොවුන් නවකතාවක් නොකියවන බව ඔවුනට ඒත්තුගන්වනු වස්  එසේ කවර මාරකොට වෙළඳ පොළට යවයි.

The Book Thief යොවුන් නවකතාව සිංහලයට නඟා ඇත. එම පරිවර්තනයේ ස්වභාවය හෝ එය යොවුන් නවකතා ලේබලය යටතේ ප්‍රකාශ කර තිබේ ද කියා හෝ මම නොදනිමි. එහෙත් ලොව අන්තන්හි සිදු වූ වා සේ මෙරට ද එය කියවන වැඩි පිරිසක් වැඩිහිටියන් යැයි සිතමි.

    නවකතා, කෙටිකතා, කවි, යොවුන් නවකතා, අධ්‍යාපනික ආදී ග්‍රන්ථකරනයේ යෙදෙමින් සාහිත්‍ය විචාරයේ ද නියැලෙන  ඩයනා වෙන් ජොන්ස් ලේඛිකාව ‘මා යොවුන් නවකතා ලියන විට එවා සැම දෙනා සඳහාත්, වැඩි හිටි නවකතා එක්තරා පිරිසක් සඳහාත් ලියමි’ යනුවෙන් සඳහන් කරනුයේ එහෙයින.

    මා ඉහත ගෙනහැර දැක් වූ සියල්ල යොවුන් නවකතා ලෙස ප්‍රකාශිත වු ව දTime Magazine, The Guardian, The Greatest Books  ආදී ශ්‍රේණිගත කිරීම් හි දී මේවා ලොව උසස් ගණයේ නවකතා ලෙසින් නම් කරනු ලැබව ඇත. උසස් යොවුන් නවකතා වැඩිහිටියන් සඳහා ද බොහෝ සෙයින් උචිත වේ.

    ඇතැම් යොවුන් වියේ දරුවන් දොස්ත්‍රවොස්කි කියවීමට තරමට සාහිත්‍යය සහ එහි ගැඹුර හඳුනන මුත් ඔවුනට වැඩිහිටි නවකතා හඳුන්වා දීමට යැමෙන් ලොව පුරා බොහෝ රටවල පාසැල් ඔවුන්ගේ කියවීමේ රුචිය අවහිර කර ඇති බැව් නූතන අධ්‍යාපනඥයින් පවා සනාථකරන ප්‍රකට මතයෙකි.

    මා උපහැරන කොට දැක් වු Harry Potter, Speak, The Book Thief , Lord of the Flies, The Fault in our Stars යනාදී යොවුන් නවකතා චිත්‍රපට ගතකොට ඇත්තේ එක්තරා වයස් සීමාවක් ඉලක්ක කොට නොව. අප සැම මේ නවකතා කියවිමට මෙන් ම සිනමා පට ද බැලීමට කැමැත්තෙමු.


    මා ඉහත දැක් වූ සියළුම යොවුන් නවකතා කියවනු ලැබුයේ මැදිවිය ද ඉක්මයන වයසේ දි යි.

                                                                  -  පී බී ජයසේකර.

 

        

Tuesday, October 11, 2022

                            කෙටිකතාව වනාහී....

                                                         1

සීමිත විෂය පාත්‍රතාවයෙකින් යුතු ව එකීය තේමාවට කේනද්‍රගතවන සේ චරිත කිහිපයකට සීමා කරමින් හේතු ප්‍රත්‍යයන් ගෙන එන ඵලාප්තිය ඉලක්ක කොට බොහෝ විට කතා වින්‍යාසය(වස්තු බීජය)ට වඩා මනෝභාවය උලුප්පවමින් වියනු ලබනු කෙටි ගැදිය කෙටිකතාවයි.

කෙටිකතාව ප්‍රමාණාත්මක වචන කිහිපයට කෙටි විය හැකි අතර පිටු සියයක් තරමට දිගු වීමට ද පිළිවෙන. එහෙයින් කෙටිකතාව එක විටක දී එක දිගට කියවාගෙන යා හැකි තරමට පමණක් දිගු වීම යෙහෙකැයි පැවසේ.

(2013 වසරේ සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලද -කෙටිකතා පමණක් ලියන- ඇලිස් මොනේරෝගේ ඇතැම් කෙටිකතා පිටු අනූවක් සියයක් පමණ දිගු වේ. බොහෝ ජගත් සම්මාන දිනා ඇති ඇය තම කෙටිකතා සඳහා 2009 දී   International Booker Prize, ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. කෙටිකතාව සඳහා පමණක් ජගත් සම්මානයන් දිනූ අන් ලේඛකයෙකු නොමැත. )

                                                          2

කෙටිකතාවේ ප්‍රකාශන විලාස (ආර) නොහොත් ශෛලීන් කිහිපයෙකි.

1. Fable – උපමාකථා :  ආප්තයන් නොහොත් දැනුමුතුකම් ඇති කතා. උදා: ඊසොප් කතා.

11. Flash fiction - සැණෙළි පබැදුම් : sudden fiction, short-short stories,  postcard fiction යනුවෙන් ද හඳුන්වනු ලබන සම්ප්‍රදායික කථා වින්‍යාසයකින් හෝ චරිත ගොඩනැඟීමකින් හෝ තොරව බොහෝවිට විශ්මිතයකින් හෝ අනපේක්‍ෂිත කූටප්‍රාප්තියෙකින් ඵලාගමය වන වචන 5 -2000 පමණ දිගු නිර්මාණ මේ වේ.

'For sale: baby shoes, never worn'. අර්නස්ට් හෙමින්ග්වේ විසින් ලියන ලද වචන හයකින් යුත් මේ වැකිය සැණෙළි කෙටිකතාවක් සේ ගැනේ.

උදා: Give it up by Franz Kafka (වචන 134 යි)

111. Mini saga - කෙටි ආඛ්‍යාන:  microstories, ultra-shorts stories, or fifty-word stories යනුවෙන් ද හඳුන්වන මෙම නිර්මාණ වචන පනහක් පමණ යොදාගෙන කෙරෙන පරිපූර්ණ කෙටිකතාවක් සේ ගැනේ. බටහිර රටවල ඇතැම් පුවත් පත් කෙටි ඉඩක් යොදා පළකරනු වස් මෙවන් කෙටිකතා තරග පවත්වයි.

IV. Vignette පබදුම් අලංකාකරණය:  කුඩා ලියවැල යන අරුත ඇති ප්‍රංශ වචනයෙන් බිඳුණු යෙදුමෙකි. කථා වින්‍යාසයෙකින් තොර ව, පූර්ණ කෙටිකතාවක් නිර්මාණය නොවන සිද්ධි/චරිත/ අදහස් සූක්‍ෂම ලෙසින් වරගන්වා කෙරෙන රචනා ආරකි මේ. Margaret Atwood –  – ඡේද හතකින් ලියා ඇති The Female Body පබැදුම මීට ඇති හොඳම උදාහරණයයි.

  V.  Modernism නූතන වාදී : ජීවන අත්දැකීම් ග්‍රහණය කොට දැක්වීම සඳහා ආඛ්‍යාන විධි, ආකෘතිමය ආකාර, fශෛලය සහ  ආත්මගත භාෂණය හා විඤ්ඤාණධාරා ආදී සන්දර්භ අත්හදා බැලීම් ඔස්සේ වර්ජිනියා වුල්ෆ්, ජේමිස් ජොයිස් වැනි ලේඛකයින් යොදාගත් කෙටිකතා ආරෙකි මේ.

VI. Postmodernism පශ්චාත් නූතනවාදී කෙටිකතා: අසම්පූර්ණ, විරෝධාභාස, ඇදැහිය නොහැකි ආඛ්‍යායික යොදාගනිමින් වියමනත්, කතෲත්, කියවන්නාත් අතර සබැඳියාව විපරම් වනසේ සිදුකෙරන ගවේශනාත්මක කෙටිකතා වෙසෙස. උදා: මාග්‍රට් ඇට්වූඩ්ගේ ,  Jorge Luis Borges ඇතැම් කෙටිකතා.

VII.  Magical realism මායා යථාර්තවාදී කෙටිකතා: යථාර්තවාදී ආඛ්‍යාන හෝ පසුතල, අධියථාර්තවාදය හා සිහින සහ ෆැන්ටාසි  යන මුඛ්‍යාංග සමඟ මුසුකොට ලියනු ලබන කෙටිකතා. උදා ගාෂියා මාකේස්.

VIII. Minimalism ලුහු කෙටිකතා: සෘජු බස්වහර යොදාගනිමින් සම්මත කතා වින්‍යාසය ඇත්තේ ම නැති තරමට ලුහුඬුව ඉදිරිපත් කෙරෙන කෙටිකතා. උදා: රේමන්ඩ් කාවර්.

 

අබිරහස්, වික්‍රමාන්විත, ප්‍රහසන, රහස්  පරික්‍ෂක, උපමාකතා, එෛතිහාසික, බිහිසුණු, දර්ශනික, දේශපාලනික, ප්‍රේම, හාස්‍ය, විද්‍යාත්මක, ශොකාන්ත...යනාදී වශයෙන් වූ ඕනෑම මාදිලියෙක තේමා ඉහත ආරයන් ඔස්සේ කෙටිකතාකොට වියමනේ යෙදේ.

කිසිවිටෙක යොදාගත් ආර නිසාවත් එහි දිගේ තරම නිසාවත් කෙටිකතාවක් උසස් වන්නේ නොව. අර්නස්ට් හෙමින්ග්වේ, චෙකෝෆ්, ඇලිස් මොන්රෝ වැනි උසස් යැයි පිලිගත් කෙටිකතාකරුවන් නිතර ම ලියූ වේ යථාර්තවාදී නොහොත් සත්වාදී කෙටිකතායි. හෙමින්ග්වේ සහ චෙකෝෆ් ඉතා කෙටි වූ කෙටිකතා ලියා ඇති අතර මොන්රෝගේ සියළු ම වගේ කෙටිකතා දිගුය. අනගිභවනීය ලේඛකයින් දෙදෙනෙකු වූ කෆ්කා සහ මාකේස් මායා යථාර්ථවාදී කෙටිකතා තැනූහ.

කෙනෙකුට මොන්රෝ සේ දිගු හෝ මාකේස් බඳු කෙටි හෝ රේ බ්‍රැඩ්බරි සේ කෙටි, මධ්‍යම සහ දිගු යනාදී තුන් වැදෑරුම් ව හෝ උසස් කෙටිකත ලිවිය හැක.

ළිඳේත්, පොකුණේත්, ජලාශයේත්, පතහේත්, ඌරාකොටේත් ඇත්තේ වතුර මය. කෙනෙකුට පුංචි ළිදේ වතුර රස විය හැක. අයෙකුට ඌරාකොටේ වතුර මිහිරි විය හැක. මේ හැම වතුරෙන් පිරී තිබුණ ද නා නා අය නා නා වතුරට මනාපය. එහෙත් පිපාසයට බීමට නම් වතුර පිරිසිදු විය යුතුය.

කෙටිකතා ද එබඳු ය; උසස් විය යුතුය.

                                                3

කෙටිකතාවක් අනිගි වනුයේ කෙසේ ද?

          කියවන්නා තුළ බලපෑමක් ඇති කරනු වස් කෙටිකතා සඳහා මුඛ්‍යාංග හතරක සුසංයෝගයක් ලෙස දැක්වේ.

I.   Characters චරිත

II. Plot කතා වින්‍යාසය නොහොත් වස්තු බීජය

III. Setting පසුතලය

IV. Tension/conflict ගැටුම නොහොත් සංඝටනය

 

චරිත :

ඔබේ පාඨකයාට එල්ඹ සිටිය හැකි එක් චර්තයක් හෝ එහි තිබිය යුතුය’ කර්ට් වොනගට් ලේඛකයා කියයි. ‘සෑම චරිතයකට ම යම් ඇවැසි දෙයක් වෙත්’

කෙටිකතාවක හැසිරීම පවත්වා ගනුයේ චරිත විසින. එම චරිත වඩ වඩා සජීවිී කරණය වන විට චරිත අලලා වඩ වඩා ලිවීමට පිළිවෙන.

චරිත පර්යාලෝකය වර්ණ ගන්වමින් චරිත ඇරැඹුම, සිදුවිම් සහ කෙළවර වචනානුසාරයෙන් එකිනෙක චාපගැන්වෙන විට පාඨකයා ඇලුම්ගන්වමින් සූක්‍ෂම ව කතාව ගොඩ නැඟේ.

කර්ට් වොනගට්ගේ පැහැදිලි කිරීම මනරම් ය. පාඨකයා කෙටිකතාවේ චරිතයටක එල්ඹගත් විට ඔහු නිරායාසයෙන් කෙටිකතාව කියවයි.

කතා වින්‍යාසය :

රජු මිය ගියේය. ඉක්බිතිව බිසව මැරිණ‘ මෙය කතාවෙකි. ‘රජු මිය ගියේය. ඉක්බිතිව ඒ සොවින් බිසව නැසිණ‘ කතා වින්‍යාසය වනාහී මෙය යැයි ඊ එම් ෆොස්ටර් සඳහන් කරයි.

කතා වින්‍යාසය කුමක් දැයි දිගු රචනාවකින් කිවයුත්ත ඊ එම් ෆෝස්ටර් මෙසේ වැකියකින් කියයි.

බිසව මියගියේ මන් ද? ඊට දේශපාලනයක් තිබේ ද? මානසික තත්ත්වයන් හේතු මූල වී ද?

පළවැනි විමලධර්මසූරිය රජුගෙන් පසු ඔහුගේ අග මෙහෙසිය වූ දෝන කැතිරිනා කුසගින්නේ හිඳිමින් බොහෝ රෝගීව මිය ගියාය. ඊට දේශපාලනයක් තිබිණ. ඉක්බිති රජ වූ සෙනරත් ඇය විවාහකරගත්තේ ඇගේ රාජ උරුමය හේතුවෙන් විනා ඇය කෙරේ උපන් ස්නේහයෙන් නොවේ. ඇගේ මරණයට මානසික පීඩාවක් හේතුවිය. සෙනරත් තම පුත්‍රයාට රජකම පවරා දෙනු වස් විමලධර්මසූරියට දාව ඇයට උපන් කුමරා දියේ ගිල්ලවා මරා දැමීය.

කතා වින්‍යාසය අර්ථදැක්වීමට ඒ හොඳට ම ප්‍රමාණවත් යැයි මම සිතමි.

පසුතලය :

කෙටිකතාවක් පාඨකයා තුළ ඇති කළ යුත්තේ එක් මනෝභාවයයෙක් පමණි. සියලු වැකි ඒ අරමුණ සපුරාලීම සඳහා නිර්මාණය විය යුත්තේය’ - එඩ්ගා ඇලන් පෝ.

කෙටිකතාකරුවා තම කියවන්නාගේ සිතේ හෝ වින්දනයේ හෝ ඇවිලවීමට අපේක්‍ෂාකරන තිගැස්ම, විශ්මිතිය, භීතිය, කුහුල, ආදරය, ක්‍රෝධය ...වැනි කුමක් හෝ එක් මනෝ  වෘතියක් සඳහා ම තම වියමන ගෙත්තම් කළ යුතුය.

එහි දී ‘ කිසිවක් යම් තැනකට නිශ්චිතව හිමිවිය යුතු නැත, දොර පලු දෙක සරනේරුමත ම තිබිය යුතු නොවේ’ යැයි සාකී ී ලේඛකයා කීය.

නිර්මාණය නම් එයයි. දොර පලු සරනේරු මත ම නොවිය හැක. එය ම කරනකොට මනෝභාවයක් නිර්මාණය කළ හැක.

ගැටුම :

කෙටිකතාවේ  කතා වින්‍යාසය ඉදිරියට ගෙන යන ගතික බලවේගය ගැටුම යැයි පැවසේ. සාහිත්‍යක ගැටුමෙකින් තොර ලියැවිල්ලක් කෙටිකතාවක් බවට පත් නොවන බැව් පැවැසේ. මෙම ගැටුම ස්වභාව ධර්මයේ බලවේග, සමාජගත සංසිද්ධීන් හෝ තමා තුළ ම ඇති හැඟුම්, චිත්තවේග, මනෝභාවය, රෝග..යනාදී යම් කරුණක් හා විය හැක.

සතුට වනාහී වීදුරු බැම්මෙන් වට වූ උයනකි:  පිටතට යාමටත් ඇතුළට ඒමටත්  මංපෙත් එහි නැත. ස්වර්ගයේ කතාන්දර නොමැත, මන්ද එහි ගමන් බිමන් නොමැති හෙයින. පරාජය, දුක්ඛදොම්නස, අළාමුළාව සහ පැතුම් විසින් කතාවක් වංගු මං ඔස්සේ ඉදිරියට ගෙනයනු ලබයි’ යැයි මාග්රට් ඇට්වුඩ් පැවැසූයේ එහෙයින.

          කුමන ශෛලියේ පබැදුමක් වු ව එය කෙටිකතාවක් කරනුයේ මෙසේ ගැටුම යනුවෙන් හඳුන්වනු ලබන එම සාහිත්‍යික ගැඹුර කරනකොටයි.

          වරක් වචාරකයෙකු තම ලියැවිල්ලක මෙසේ ලිවීය: ඔබට කෙටිකතාව හඳුනාගැනුමට උවමනා නම් ඇලිස් මොන්රෝ, රේමන්ඩ් කාවර් සහ චෙකෝෆ් කියවන්න. ඔබට අන් දෙදෙනා කියැවීමට අවස්ථාවක් නොමැතිනම් චෙකෝෆ් යළි යළි කියවන්න.

                                                ***

 

 

 

  යුක්තියේ දෙවඟන නොහොත් එළදෙන - චෙන්නායි මහාධිකරණය ඉදිරිපිට ඇති පිළිරුව බලන්න . යුක්තියේ දෙවඟන නො වූ ව ද එය යුක්තියේ පිළිරුවෙකි. බිඳුණු කරත්...